ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වූ මිනිඅපලිස් (Minneapolis) පොලිස් නිලධාරියා වෙනුවෙන් නැවතත් නඩු විභාගයක් පවත්වන ලෙස විත්තියේ නීතිඥයින් ඉල්ලා සිටියි.

Derek Chauvin පොලිස් නිලධාරියා වැරදිකරු කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුගිය අඟහරුවාදා (04) දා අධිකරණයට ලිපියක් ගොනු කිරීමට  නීතිඥයින් කටයුතු කොට තිබුණි.

2020 මැයි 25 වැනි දින Derek Chauvin විසින් කළු ජාතික George Floyd ගේ මරණය සිදුකිරීම දෙවන මට්ටමේ (second-degree) මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණය ප්‍රකාශ කර තිබුණි. එහිදී මිනිත්තු 9 1/2 ක් පුරා Chauvin ගේ දණහිසින් මෙම කළු ජාතිකයාගේ ගෙල තද කරගෙන සිටි බව නඩු විභාගයේ සාක්ෂි වලින් ඔප්පු විය.

මෙම නඩුව නැවත කැඳවන ලෙස විත්තියේ නීතිඥ Eric Nelson විසින් කරන ලද ඉල්ලීමට හේතු ගණනාවක් සඳහන් කොට ඇත. ඒ අතරින් විනිසුරු Peter Cahill අධිකරණයේ අභිමතය අනිසි ලෙස භාවිත කළ බවට වූ චෝදනාව ප්‍රධාන වේ. මෙහිදී  Derek Chauvin ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාධාරණ නඩු විභාගයක්  ලබාගැනීම සඳහා මෙම නඩුව නැවතත් කැඳවන ලෙස ඔහු පවසා සිටියි.

Share this Post