ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී.
ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා වූ උපදේශන මාලාවට අනුව නීති විරෝධීව රට තුළ රැඳී සිටින ඕනෑම පුද්ගලයකු පිටුවහල් කිරීමකට යටත් කළ හැකි වේ. එ් අනුව මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් සුළු වරදකට හෝ හසු වුවහොත් (සුළු සොරකමක්, මාර්ග නීති කඩ කිරීමක් වැනි වරදක් සඳහා වුවත්) ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන අතර පිටුවහල් කිරීමේ බලය හිමිවේ.
අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ජෝන් කෙලී විසින් මෙම උපදෙස් මාලාව ඇතුළත් ලියවිල්ලට අත්සන් තබා ඇත.
මේ වන විට එක්සත් ජනපදය පුරා නිසි ආගමන ලියකියවිලි නොමැතිව මිලියන සංඛ්‍යාත (මිලියන 11 ක් පමණ ඇතැයි පැවසේ.) වූ පිරිසක් වෙසෙන අතර ට්‍රම්ප් රජය විසින් මේ පිරිස ඉලක්ක කොට ගෙනම මෙම ලියවිලි සකසා ඇති බව එ් පිළිබඳව අදහස් දක්වන්නෝ පවසති. මෙම අලූත් උපදෙස් මාලාව මගින් එක්සත් ජනපද ආගමන නීති රීති වෙනස් කිරීමකට භාජන කර නැතත් මෙමගින් එක්සත් ජනපදයේ ජාතික ආගමන බලාත්මක ප්‍රමුඛතා නැවත ලිවීමක් සිදුකර ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි.
2012 වසරේ ඔබාමා පාලන සමය තුළ අරඹනු ලැබූ Deferred Action for Childhood Arrivals (DACA) වැඩ සටහන මගින් ළමා වියේදීම සංක්‍රමණිකයන් ලෙස එක්සත් ජනපදයට පැමිණි 750,000 ක පමණ වූ පිරිස කෙරෙහි මෙම නව උපදෙස් මාලාව ක්‍රියාත්මක නොවන බව පැවසෙන අතර ඔවුන් වෙත රට තුළ රැඳී සිටීමට ඇති අයිතිය එලෙසින්ම වලංගුව පවතී. එහෙත්DACA මගින් ආ අයෙකු වුවද සාපරාධී ක්‍රියාවකට හෝ වෙනත් ආකාරයක නීති කඩකිරීමකට වරදකරු වුවහොත් හෝ රාජ්‍ය හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කටයුත්තක නියැලූණහොත් එ් අය වෙනුවෙන් පිටුවහල් කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් රජය පසුබට නොවන බව පැවසේ.
ඇමරිකාව තුළට නීති විරෝධීව සංක්‍රමණය වන්නන් නිරීක්ෂණය කිරීම සඳහා ආගමන හා රේගු බලාත්මක එ්ජන්සිය වෙත නියෝජිතයින් සහ නිලධාරීන් 10,000 කුත් රේගු හා දේශ සීමා ආරක්ෂණ එ්ජන්සිය වෙත නියෝජිතයින් 5,000 කුත් බඳවා ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

Share this Post