පොල්තෙල් + විෂ ෆාම් තෙල් ?

විෂ සහිත ෆාම් තෙල් පොල්තෙල් සමග කලවම් කර අලෙවි කිරීම ලංකාව පුරා සිදුකෙරෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

කූට ජාවාරම්කරුවන් විසින් පිටරටවලින් අඩු මුදලට ගෙන්වන ෆාම් තෙල් මෙසේ පොල් තෙල් සමග මිශ්‍ර කර විකිණීමෙන් විශාල විනාශයක් ජන ජීවිත සිදුකරන බව එම සංගමයේ සභාපති පෙන්වා දේ. මෙම ජාවාරම කෙතරම් සරුවට කෙරෙන්නේද යත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ පවා භාවිත කර ඇත්තේ මෙම විෂ ෆාම් තෙල් මිශ්‍ර පොල්තෙල් බව ඔහු පවසයි.

මේ වන විට වරාය තුළ විෂ ෆාම් තෙල් සහිත කන්ටේනර 7 ක් රඳවා ඇති බවත් ඒවා මුදා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් පැවසෙන අතර මේ කන්ටේනර තුළ ඇති සියලුම විෂ ෆාම් තෙල් විනාශ කිරීමට කටයුතු කළ යුතු බවත් එම සංගමය ඉල්ලා සිටියි.

Share this Post