ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යාපනයේ නාගදීප විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.

උතුරු පළාතේ විහාරස්ථාන 65 ක් සහ දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් මෙම වෙසක් උත්සවය සංවිධානය වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය පවසා සිටියි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සාම්ප්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස් වූ ආකාරයකට අනෙකුත් ආගම් හා එක්ව සංස්කෘතික අංගයන්ට මුල් තැන දෙමින් පැවැත්වෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කොට ඇත.

Share this Post